සිය නිදහස වෙනුවෙන් දහස් ගණන් ජනතාව තමන් සමග එක්වී සටන් කිරීමට සුදානම් බව ඇෆ්ගනිස්තානයේ තලෙබාන් විරෝධී කණ්ඩායමක් පවසා තිබේ.
NRF හෙවත් ඇෆ්ගනිස්තාන ජාතික විරෝධතා පෙරමුණ නමැති කණ්ඩායම විසින් මේ බව ප්‍රකාශකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නයේ බලය NRF කණ්ඩායම සතුව පවතී.
එහි විදේශ සබඳතා ප්‍රධානී අලි නසාරි පවසන්නේ තලෙබාන් සංවිධානය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන නමුත් එම සාකච්ඡා අසාර්ථක වුවහොත් සටන් කිරීමට සුදානම් බවය.
කෙසේවෙතත් තලෙබාන් සංවිධානය පවසන්නේ පන්ජ්ෂීර් නිම්නය සිය සාමාජිකයින් මේ වනවිටත් වටලා ඇති බවය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි