තලෙබාන් සංවිධානයේ ප්‍රධාන නායක මුල්ලා හයිබර්තුල්ලා අකුන්ද්සාදා පළමු වරට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී තිබේ.
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ සිය ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) පැවති උත්සවයකට ඔහු සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2016 වසරේ සිට තලෙබාන් සංවිධානයේ නායකයෙකු ලෙස කටයුතු කරන අකුන්ද්සාදා ඇෆ්ගනිස්තානය තලෙබාන් ග්‍රහණයට යටත්වීමෙන් පසුව ද මේ දක්වාත් ප්‍රසිද්ධ හමුවකට සහභාගී නොතිබූ බව සඳහන් වේ.
හයිබර්තුල්ලා අකුන්ද්සාදා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට ද විවිධ වාර්තා පළවී තිබුණි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්