ඇෆ්ගන් කාන්තාවන් රැකියාවල නිරත වීමෙන් වැළැක්විය යුතු බවට තලෙයිබාන් සංවිධානය නිවේදනය කර තිබෙනවා.
තලෙයිබාන් ප්‍රකාශක සබියුල්ලා මුජායිඩ් මේ බව ප්‍රකාශ කර ඇත්තේ කාබුල් නුවර පැවති මාධ්‍ය හමුවකදී.
මීට පෙර පැවති තලෙයිබාන් පාලනයට සාපේක්ෂව තමන් නවීකරණය වී ඇති බවද එහිදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
1996 සිට 2001 දක්වා පැවති තලෙයිබාන් පාලන සමයේ දී කාන්තාවන්ට සේවා ස්ථාන තහනම් කෙරුණු අතර ඔවුන්ට පිරිමි පුද්ගලයෙකු නොමැති ව නිවසෙන් නික්මීම ද තහනම් වුණා.
එමෙන්ම, ඇෆ්ගන් කාන්තාවන් මුළුමනින් ම සිරුර ආවරණය වන ඇඳුමින් සැරසිය යුතු බවටයි තලෙයිබාන් සංවිධානය එහි දී නියෝග කළේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්