මේ දිනවල ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට අවස්ථාව ලබා දෙන්නැයි ඇෆ්ගනිස්ථාන් පාලක තලේබාන් සංවිධානය ඉල්ලා තිබෙනවා. මේ වනවිට අදාල ඉල්ලීම පිළිබඳව ජගත් සංවිධානය සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.
තලේබාන් සංවිධානයේ මෙම ඉල්ලීම ජගත් සංවිධානයේ කමිටුවක් වෙත යොමුකර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව ඇතුළු රටවල් 09 ක් එම කමිටුවට ඇතුළත් වේ.
මේ වනවිට ජගත් සංවිධානයේ ඇෆ්ගන් තානාපතිවරයා ලෙස කටාර් රාජ්‍යයේ සිටින සිය ප්‍රකාශකවරයා නම් කිරීමටද තලේබාන් පාලනය මේ වනවිට පියවර ගෙන තිබේ.
තලේබාන් පාලකයන් විසින් මීට පෙර ඇෆ්ගනිස්ථානයේ බලය හෙබවූ අවස්ථාවට වඩා මෙවර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බව ලෝකයට තහවුරු කිරීමට විවිධ පියවර ගනිමින් තිබෙනවා. මේ වනවිටත් චීනය ඇතුළු සීමිත රටවල් කිහිපයක් තලේබාන් පාලනය නිළ වශයෙන් පිළිගෙන ඇති අතර චීනය ආධාර ලබාදීමටද තීරණය කර තිබෙනවා.
More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්