LPL තරගාවලියේ අවසන් මහා තරඟය ලබන 16 වැනිදා අවසන් වූ වහාම ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායම දකුණු අප්රිකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
ඒ ටෙස්ට් තරඟාවලියක් සඳහායි.
LPL තරගාවලියේ විස්තර විචාරයකයෙකු ලෙස කටයුතු කළ, ශ්රී ලංකා ජාතික පුහුණුකරු මිකී ආතර් මහතා මේ වනවිටත් දකුණු අප්රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ තරගයෙන් අනතුරුව ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගාල්ල කණ්ඩායමට සුබපතා තිබෙනවා.
ඔහු සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ ‘තවදුරටත් ටෙස්ට් ක්රීඩකයන් ආබාධවලට ලක්වෙන්න එපා’ යනුවෙනි.
ඊට හේතු වූයේ ඊයේ තරගය අතරතුර කොළඹ කණ්ඩායමේ ක්රීඩකයන් කිහිප දෙනෙකු ආබාධවලට ලක්වීමයි.
මේ අතර ඊයේ කලම්බො කිංග්ස් කණ්ඩායම පරදා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බො කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කදුළු 9ක් දැවී ලකුණු 150ක් රැස් කළා.
එහිදී ඩැනියල් බෙල් ඩ්රාමන්ඩ් ලකුණු 70ක් රැස් කළා.
පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් බිඳ හෙළුවා.
ලකුණු 151ක පිළිතුරු ඉනිම හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 8ක් දැවී ලකුණු 151ක් ලබා තරඟය ජය ගත්තා.
නායක භානුක රාජපක්ෂ ලකුණු 33ක් සහ ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 31 රැස් කළා.
පන්දු යැවීමේදී අශාන් ප්රියන්ජන් කඩුලු 2ක් බිඳ හෙළුවා.
මේ අනුව මෙම තරඟය කඩුලු 2කින් ජය ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට සමත් වුණා.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්