කොරෝනා වෛරස ආසාදිතව රෝහල්ගතව සිටි තවත් ආසාදිතයන් 652 දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 20,090ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.මේ අතර පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 521 දෙනෙක් වාර්තා වීමත් සමගින් මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 26,559ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ගෙවී ගිය පැය 24 තුළදී මෙරටින් කොරෝනා වෛරස ආසාදිත අයෙක් මරණයට පත්වී ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.අද(05) උදෑසන 10 පමණ වන විට රෝහල්ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6,339ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.මේ අතර අද උදෑසන 10 පමණ වන විට රෝහල් ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් සංඛ්‍යාව 475ක් වනවා.
තවත් ආසාදිතයන් 652ක් සුවය ලබයි – සමස්ත සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව විසි දහස ඉක්මවයි

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව