චීනයේ පළමු mRNA කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවීමට භාවිත කරන උසස් mRNA තාක්ෂණයට සමාන තාක්ෂණයක් යොදාගනිමින් ආර්කොව් නමැති එන්නතක් මෙහිදී නිපදවීමට නියමිතය.
අදාළ එන්නතේ පළමු සහ දෙවන අදියරවල සායනික අත්හදාබැලීම් චීනයේදී සිදුකර ඇති අතර තුන්වන අදියරේ මහාපරිමාණ සායනික අත්හදාබැලීම් මෙක්සිකෝවේදී සහ ඉන්දුනීසියාවේදී සිදුකිරීමට අනුමැතිය හිමිවී තිබේ.
මෙම එන්නත කාමර උෂ්ණත්වය යටතේ සතියකට වැඩි කාලයක් සහ සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයක් යටතේ දිගු කාලයක් ගබඩාකර තබාගැනීමට හැකිවීම විශේෂත්වයකි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි