ශ්‍රී ලංකා සීමිත ඕවර් ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව පසුගියදා නිවේදනය කළේය. තවත් 33 හැවිරිදි වියේ පසුවන උදාන හදිසියේම සමුගැනීම ප්‍රකාශයට පත්කළ අතර, සහභාගි වූ අවසන් ජාත්‍යන්තර තරග කිහිපයේදීම කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහු අසමත් විය. එය ඔහුගේ හදිසි තීරණයට හේතු වන්නට ඇති බවයි ක්‍රීඩා ක්ෂේත්රයේ කතාබහට ලක්ව තිබෙන්නේ.
මේ අතර තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද සමුගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ. තවත් ජ්‍යෙෂ්ට වේගපන්දු යවන්නෙකුද ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත දකුණු අප්‍රිකාව සමග තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර පිටියට තිත තැබීමට සූදානමින් සිටී. මීට අමතරව වසරක තරග තහනමකට ලක්ව සිටින ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක් අයෙකුද ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගෙන ඇමරිකාව බලා පිටත්ව යාම පිළිබඳව සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.
අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති තේරීම් කමිටුව වෙනුවට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුවක් පත් කිරීමත් සමග ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සීමිත ඕවර් තරගවලින් ඉවත් කර තරුණ කණ්ඩායමක් නම් කිරීමට කටයුතු කළ අතර, එතෙක් නායකයෙකු ලෙස සාර්ථක දස්කම් දැක්වූ දිමුත් කරුණාරත්නට එක්දින කණ්ඩායමේ නායකත්වයද අහිමි විය.
මෙම තීරණයෙන් පසුව තිසර පෙරේරා ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කළේය.
නව තේරීම් කමිටුවේ ඇතැම් තීරණ බොහෝදෙනාගේ විවේචනයට ලක්විය. විශේෂයෙන් ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඇතැම් ක්‍රීඩකයන් ඒ පිළිබඳව ලිඛිතවම ක්‍රිකට් ආයතනයට කරුණු දක්වා තිබිණි.
කෙසේ නමුත් ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගය ජය ගැනීම මෙන්ම 20/20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමත් සමග ක්‍රීඩාලෝලීන් නැවතත් පිබිදීමට ලක්ව ඇති අතර ප්‍රමෝද්‍ය ඇතුළු තේරීම් කමිටුවේ තීරණය පිළිබඳව ප්‍රසාදය පළ කරනවා.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් අළු යට තවමත් ගිනි ඇවිලෙමින් තිබෙනවා. කණ්ඩායම පරාජය වන ඕනෑම මොහොතක අළු යට ගිනි ඇවිලිය හැකි අතර විශේෂයෙන් වසර අවසාන භාගයේදී පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලිය තුළ දක්වන දක්ෂතා මත ගිනි ගන්නා ආකාරය තීරණය වනු ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්