ඇමෙරිකාවේ ‘නොවාවැක්ස්’ ඖෂධ නිෂ්පාදන සමාගම සහ ඉන්දියාවේ ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම ‘කොවාවැක්ස්’ යන වෙළෙඳ නාමය යටතේ නිපදවා ඇති ‘නොවාවැක්ස්’, ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතට, ඉන්දුනීසියා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ.
‘නොවාවැක්ස්’ එන්නතක් සඳහා අනුමැතිය හිමිවුණු පළමු අවස්ථාව මෙයයි. කෙසේ නමුත්, ‘නොවාවැක්ස්’ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ හෝ අනුමැතිය ලැබී නැත. මෙම එන්නත ද පහසුවෙන් ගබඩා කළ හැකි එකක් වන අතර මාත්‍රා දෙකකින් යුක්තය.
එන්නත නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19’ මුල් වයිරස ප්‍රභේදය පමණක් නොව, එහි විකෘති ප්රභේදයන් ද අධ්‍යයනය කරමිනි. ඒ අනුව, එන්නත අනෙක් එන්නත්වලට වඩා සාර්ථක යැයි ‘නොවාවැක්ස්’ සමාගම පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
ඉන්දියාවේ සේරම් ආයතනය හවුලේ නිපදවන දෙවැනි ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ මෙයයි. ඔවුන් නිෂ්පාදනය ආරම්භ කළ පළමු එන්නත ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ය. සේරම් ආයතනය මෙය නිපදවන්නේ ‘කොවිෂීල්ඩ්’ වෙළෙඳ නාමය යටතේය.
‘නොවාවැක්ස් කොවොවැක්ස්’ එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි ඉන්දුනීසියා ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය හිමිවීමත් සමඟ එන්නත මේ වනවිට ඉන්දුනීසියානු වැසියන්ට ලබා දීම ආරම්භ වී ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි