ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 178 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 20 දහස ඉක්මවා ගිය අතර එය මේ වනවිට පවතින්නේ 20 දහස් 124 ක් ලෙසයි.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 23 662 ක් බවට පත්වනවා.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 558 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 17 560 දක්වා ඉහළ යනු ඇති.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5986 ක්.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 545 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 116 ක් වාර්තා වී තිබෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව