චීනයේ පළමු mRNA කොවිඩ් මර්දන එන්නතේ නිෂ්පාදන කටයුතු ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවීමට භාවිත කරන උසස් mRNA තාක්ෂණයට සමාන තාක්ෂණයක් යොදාගනිමින් නිපදවන මෙම එන්නත ARCoVax නමින් හඳුන්වනු ලැබේ.

මෙම එන්නත් පලමු සහ දෙවන අදියරේ සායනික අත්හදා බැලීම් චීනයේ සිදු කර තිබේ.
එහි තුන්වන අදියරේ මහාපරිමාණ සායනික අත්හදා බැලීම් මෙක්සිකෝවේදී සහ ඉන්දුනීසියාවේ සිදු කිරීමට අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙහි විශේෂත්වය නම් එන්නත කාමර උෂ්ණත්වය යටතේ සතියකට වැඩි කාලයක් සහ සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයක් යටතේ දිගු කාලයක් ගබඩාකර තබාගැනීමට හැකිවීමයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි