ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ඊයේ(30) රාත්‍රීයේදී ද මරණ දෙකක් වාර්තා වන බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගලහ සහ අටලුගම යන ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක්.
ගලහ ප්‍රදේශයේ පදිංචි 72 වන වියේ පසුවන අතර ඔහු පේරාදෙණිය ශීක්ෂණ රෝහලට පසුගිය 27 වනදා ඇතුළත් කරන විට මියගොස් තිබෙනවා.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධිරුධිර පීඩනය, දියවැඩියා සහ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධ තත්ත්වයකි.
මේ අතර අටලුගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක්ද ඊයේ දිනයේ මරණයට පත්ව තිබෙනවා.
ඇය පසුගිය 28 වනදා සිය නිවසේදීම මියගොස් ඇති අතර මරණයට හේතුව කොවිඩ් 19 සමග උග්‍ර වූ අධිරුධිර පීඩනය, දියවැඩියා සහ රුධිරගත කොලස්ට්‍රෝල් ප්‍රමාණය ඉහළ යාම බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දක්වෙන්නේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග