චීන විදේශ ඇමැති වැන්ග් යී ලබන මාසයේදී ශ්‍රී ලංකාව සංචාරය කිරීමට නියමිත බව කොළඹ චීන තානාපති කාර්යාල වාර්තා සඳහන් කරයි. ඒ අනුව මෑත කාලයේදී මෙරට නිල වශයෙන් සංචාරය කරන තුන්වැනි ජ්ය්යෙෂ්ඨ චීන නිලධාරියා බවට වැන්ග් යී පත්වනු ඇත.
චීන ආරක්ෂක ඇමැති වී ෆෙන්ග් පසුගිය සතියේ මෙරට නිල සංචාරයක නිරත වූ අතර ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡාවලට එක්විය. දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවන් වැඩිදියුණු කිරීමට එහිදී එකඟතාවට පැමිණ තිබේ.
පසුගිය වසරේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන යැං ජිචිද ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා කොළඹට පැමිණියේය. ඔහු චීනයේ විදේශ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස සැලකේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි