තවත් චීන ඉදිකිරීම් සමාගමක් එහි ණය ගෙවීමේ අර්බුදයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
එම සමාගම සඳුදා (04) වනවිට ඩොලර් මිලියන 315ක් නැවත ගෙවීමට නියමිතව සිටිය ද එසේ කිරීමට අවශ්‍ය මුදල් සපයා ගැනීමට අදාළ සමාගම අපොහොසත් වී තිබුණි.
මීට පෙර Evergrande ව්‍යාපාර සමූහය ද එම ගැටලුවට මුහුණ දුනි.
ඒ අනුව මෙම මූල්‍ය අර්බුදය ඉදිකිරීම් ක්ෂේත්රයෙන් අනෙකුත් ක්ෂේත්‍ර කරා සම්ප්‍රේෂණය වී විශාල අර්බුදයක් වියහැකි බවට අදහස් පළ වෙයි.
මෙම අර්බුදය ට මුහුණ දී ඇති නවතම සමාගම වන්නේ Fantasia Holdings නම් ඉදිකිරීම් සමාගමකි.
ඔවුන් කොටස් වෙළෙඳපොළ ට නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ කල්පිරුණු ඩොලර් මිලියන 206ක් වූ බැඳුම්කර ආපසු ගෙවීම ඔවුන්ට මඟ හැරුණු බවය.
තම ආයතනයේ මූල්‍ය තත්ත්වය හේතුවෙන් එම තීරණය ගැනීමට සිදුවූ බව ඔවුන් පැවසීය.
එම සමාගම තමන්ගෙන් ගත් ඩොලර් මිලියන 109ක ණය මුදල පියවීමට අසමත්වී ඇති බව Country Garden නම් තවත් ඉදිකිරීම් සමාගමක් කොටස් වෙළෙඳපොළට දැන්ව තිබේ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ