කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල, වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන ක්‍රීඩකයින් 5 දෙනෙකු මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ආබාධයකට ලක්වීමත් සමඟ ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර සහ දනිෂ්ක ගුණතිලකට තරඟාවලිය සම්පූර්ණයෙන්ම අහිමි විය.
ප්‍රමෝද් මධුෂාන් සහ පැතුම් නිශ්ශංක සුළු තුවාල සහිතව මේ වන විට කණ්ඩායමේ රැඳී සිටිති.
ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ප්‍රකාශ කර ඇත්තෙ ආබාධවලට ආදේශක අවශ්‍ය වන බැවින් අමතර ක්‍රීඩකයන් සූදානම්ව තබා ගැනීම සඳහා අතිරේක ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ සිටී නම් සහ තරගයට සූදානම් නම් ආදේශ කිරීම පහසු වනු ඇති බවත්ය.
- Newswire
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්