තවත් නඩු දෙකකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ කිත්සිරි රණවක මහත්වරුන්ට පණවා තිබූ විදෙස් ගමන් තහණම් ඉවත් කර තිබෙනවා.
කොළඹ මහාධිකරණය විසිනුයි එම නියෝග ලබා දී ඇත්තේ.
රුපියල් ලක්ෂ 385 ක මුදලක් වැය කර පසුගිය ජනාධිපතිවරණ ප්රචාරක කටයුතුවලදී ජී අයි බට සම්බන්ධ අක්‍රමිකතාවයක් සිදුකල බව කියන සිද්ධියට අදාළව පණවා තිබූ විදෙස් ගමන් තහණම ඉවත් කර ඇත්තේ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ නියෝගයකට අනුවයි.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් 50 ලක්ෂයක් මුද්‍රණය කිරීමේ සිද්ධියට අදාළව විත්තිකරුවන් දෙදෙනාට පණවා ඇති විදෙස් ගමන් තහනම් ඉවත් කරන ලෙස මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොල මහතා නියම කර තිබෙනවා.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට