කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී තවත් මරණ 02ක් වාර්තා වන බව නොවැම්බර් 11 දින නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිනය තුළ වාර්තා වූ මරණ ගණන 03 දක්වාත් සමස්ත මරණ ගණන 44 දක්වාත් ඉහළගොස් තිබෙනවා.
43 වන මරණය
43 වන කොවිඩ්-19 මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී එම පුද්ගලයා මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවයි. මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාද තත්ත්වය යි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 30 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 43 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
44 වන මරණය
44 වන කොවිඩ්-19 මරණය ලෙස වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොරෝනා ආසාදිතයෙකු ලෙස හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
නොවැම්බර් 01 දින හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති එම පුද්ගලයා මිය යාමට ආසන්නතම හේතුවෙන් ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාද තත්ත්වය යි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 31 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 44 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්