මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ යළි හිස ඔසවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාරාන්තික නිපා වෛරසය මොළයට බරපතළ අයුරින් හානි කරන බවට හඳුනාගෙන තිබේ.
වවුලන්, ඌරන් හෝ වෛරස ආසාදිත පුද්ගලයන් තුළින් ඍජුවම තවත් අයෙකුට නිපා වෛරසය ආසාදනය විය හැකිය.
පුද්ගලයන් 20 දෙනෙකු පමණ වෛරස ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර 12 හැවිරිදි පිරිමි දරුවෙක් නිපා ආසාදනය වීමෙන් මිය ගොස් ඇත.
ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 188 දෙනෙක් සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණයට යටත් කර ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකරමින් පවතින ප්‍රමුඛතා රෝග කාරක ලැයිස්තුවට ඉබෝලා, සීකා, මර්ස්, ලස්සා යන වෛරස සමග මෙම නිපා වෛරසයද ඇතුළත් කර තිබේ.
එන්සෙපලයිටිස් සහ මස්තිෂ්ක ප්‍රදාහයට හේතු වන නිපා වෛරසයට එරෙහිව තවමත් එන්නතක් සොයාගෙන නොමැත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්