කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකාව වසා දමා තිබේ.
සෞඛ්‍ය අංශ සදහන් කළේ එහි නිලධාරීන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි.
එමෙන්ම ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල පරිශ්‍රයේ පිහිටි ආයතන 2කින් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමග එම ආයතන වසා දමා ඇත.
මීට අමතරව බණ්ඩාරවෙල තේ මණ්ඩල කාර්යාලය ද දින දෙකකට තාවකාලිකව වසා දමා තිබේ.
ඒ එම කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකුට හා සේවකයෙකුට කොවිඩ්-19වෛරසය ආසාදනයවීම හේතුවෙනි.
ඒ අනුව අද (06) සහ හෙට දිනයේ එම කාර්යාලය වසා දමා ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ