මෙරටට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 373 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
අද දින අලුයම 2.15 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 332 දෙනෙකු රැගෙන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානය
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
අලුයම 4.15 ට එංගලන්තයේ රැකියා සහ උසස් අධ්‍යාපන කටයුතු සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට දිවයිනට පැමිණ තිබෙනවා.
ඊට අමතරව කොළඹ වරායේ නැංගුරම් ලා ඇති වෙළෙඳ නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 13 දෙනෙකු ද අද අලුයම දිවයිනට පැමිණ තිබේ.ඔවුන් කටාර්හි දෝහා සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම ගුවන් මගීන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි