කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 724 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.
මෙම පිරිස මෙරටට පැමිණියේ චෙන්නායි,ඔස්ට්‍රේලියාව, ඩුබායි, සහ ජපානයේ සිටයි.
ඔවුන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල්වලින් ඊයේ (20) රාත්‍රීයේ හා අද (21) අලුයම දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සිට මගින් 288ක්, ඩුබායි සිට පුද්ගලයින් 420ක්, ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ලගයින් 6 දෙනෙක් හා ජපානයේ සිට පුද්ගලයින් 10 දෙනෙක් මෙරටට පැමිණ ඇත.
ඔවුන් සියලුදෙනාම ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමුකර තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්