කෘතිම සීනි හිඟයක් නිර්මාණය කිරීමත් සමඟ තවදුරටත් වෙළෙඳපොළ තුළ ඉහළ මිල ගණන් යටතේ සීනි අලෙවිකරමින් පවතී.
ඒ අනුව බොහෝ අලෙවිසැල්වල රුපියල් 200ත් 230ත් අතර මිල ගණන් යටතේ සීනි අලෙවි කරන ආකාරය තවමත් දක්නට ලැබෙයි.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වෙළෙඳසැල්වල අලෙවියට සීනි නොමැති බවද වාර්තා වෙයි.
ඇතැම් සතොස ශාඛාවල ද සීනි නොමැති අයුරුත් දක්නට ලැබුණි.
කෙසේවෙතත් රට තුළ පවතින සීනි හිඟයට පිළියමක් ලෙස ලංකා සීනි සමාගම විසින් මේ වනවිට සීනි ටොන් 1,750ක් සතොස සහ සමූපකාර වෙත නිකුත් කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ සතොස සහ සමූපකාර හරහා ලබන බදාදා වන විට හිඟයකින් තොරව ජනතාවට සීනි ලබාදිය හැකිවනු ඇති බවය.
හෙට (31) දිනය තුළ තවත් සීනි ටොන් 600ක් ගල්ඔය සීනි සමාගමෙන් ලබාදීමට කටයුතු කරන බවද විෂයභාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
ඒ අනුව දිවයිනේ ප්‍රදේශ බොහෝමයක සතොස අලෙවිසැල්වල දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක මිලකට ජනතාවට අලෙවි කිරීමට කටයුතු සලසා තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්