ඉදිරි වසර 04 ඇතුළත තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවද එකතු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අද (08) පාර්ලිමේන්තුවේදී ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
තවත් සති දෙකකින් පමණ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත්, ඉන්පසු ශ්‍රී ලංකාව සතු ඛනිජ තෙල් කැනීම් කටයුතු ආරම්භ කරන බවත් ගම්මන්පිල මහතා පවසනවා.
ඉන්ධන මිල ඉහළ යනවිට ශ්‍රී ලංකාව වැනි රටවල් දුකට පත් වුවද ඛනිජ තෙල් සම්පත හිමි අරාබි රටවල් ඉන් සතුටට පත්වන බව පෙන්වා දෙන ඇමතිවරයා සඳහන් කරන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකාවද ඉන්ධන මිල ඉහළ යනවිට සතුටට පත්වන රටක් බවට පත්කරන බවයි.
- LNW
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්