යම් පාර්ශ්වයන් අනුගමනය කරන ත්‍රස්තවාදයට එරෙහි දෙබිඩි පිළිවෙත අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජිතවරයා ඊයේ(23) ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් වන කාලීන අභියෝගයකි. ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ සංකීර්ණ සහ බරපතල තත්ත්වය හමුවේ ජාත්‍යන්තර වශයෙන් ත‍්‍රස්ත මර්දන සහයෝගිතාව ශක්තිමත් කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත චාං ජුන් මහතා පැවසීය.
ත්‍රස්තවාදය කිසිවිටෙක හොඳ සහ නරක යනුවෙන් වෙන් කළ නොහැක. ඇතැම් රටවල්, තමන්ට තර්ජනයක් වන ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව සටන් කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් අනෙක් රටවලට හානි කරන ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරිත්වය නොසලකා හරිමින් සහ ඒ හරහා වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට උත්සාහ කරයි.ත්‍රස්තවාදය මැඬලීමේදී මෙවැනි දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.
ත්‍රස්තවාදයට එරෙහි දෙබිඩි පිළිවෙත අවසන් කළ යුතු බව චීනය පවසයි

More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය