ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ශක්තිමත් උපායමාර්ගියක සහයෝගීතාවක් පවත්වාගෙන යෑමට ඉන්දියාවත් ඇමෙරිකාවත් එකඟත්වය පළ කර තිබේ.
”ඉන්දියාව ඇමෙරිකාවේ සමීපතම මිතුරෙක්. ත්‍රස්තවාදය ඉන්දියාවටත් ඇරමෙරිකාවටත් පොදු සතුරෙක්. ඇමෙරිකාවත් ඉන්දියාවත් අතර ත්‍රස්තවාදයට එරෙහි සටනේදී පවතින ශක්තිමත් බැඳීම තවත් ශක්තිමත් කර ගැනීමට තීරණය කෙරුණා” යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉන්දියාවේත් ඇමෙරිකාවේත් ත්‍රස්ත විරෝධී ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් සහභාගී වූ 18 වැනි සමුළුව, පසුගිය දා වොෂින්ටන් අගනුවරදී පැවැත්විණි. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී වඩාත් ශක්තිමත් උපායමාර්ගියක සහයෝගීතාවක් පවත්වාගෙන යෑම කළ යුතු යැයි තීරණය කෙරුණේ එම අවස්ථාවේදීය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ත්‍රස්ත විරෝධී කටයුතු පිළිබඳ සම ලේකම් මහාවීර් සිංවි ඉන්දීය නියෝජිත කණ්ඩායමටත්, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ වැඩ බලන සම්බන්ධීකාරක ජෝන් ගොඩ්ෆ්‍රී නියෝජිත කණ්ඩායම්වලට නායකත්වය දුන්හ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි