ඉන්දියාවේ සිට ත්‍රිකුණාමල වරාය දක්වා බොර තෙල් රැගෙන ආ නෞකාවක සිටි ඉන්දිය ජාතික කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකු අසනීප වීම හේතුවෙන් සිදු කරන ලද පී.සි.ආර්.පරික්ෂණයකින් අනතුරුවයි මෙම පිරිසට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හෙළිවී ඇත්තේ.
ඉකුත් 25 වෙනිදා තෙල් මෙට්‍රික් ටොන් 4000 ක් රැගෙන ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණි මෙම නෞකාව ඉන් පසුව ත්‍රිකුණාමල වරායට පැමිණ තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ සම්බන්ධයෙන් කියාසිටියේ අදාළ ඉන්දීය නැවියන් පිරිස ගොඩබිමට රැගෙන ඒමෙන් තොරව තවදුරටත් නෞකාවේම රඳවා තබා ඇති බවයි.
ඔවුන් ඉන්දියාවට පිටත් කර හරින්නේද නොඑසේනම් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද සුදත් සමරවීර මහතා ප්‍රකාශ කලා
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්