ත්‍රීරෝද රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සොරකම් කරන ලද 420,000ක් වටිනා ත්‍රීරෝද රථයද කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.
එම සැකකරුවන් ඊයේ (08) අත්අඩංගුවට ගෙන මරදාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29, 30 සහ 38ක් වන කොළඹ 14 හා පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී ඔවුන් විසින් සොරකම් කරන ලද ත්‍රීරෝද රථ බැටරි 08ක්, ඩී.වී.ඩී කැසට් යන්ත්‍ර 03ක් සහ ජංගම දුරකථනයක්ද සොයාගෙන ඇත.
සැකකරුවන් අද (09) අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය අතර මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්