“තාක්ෂණය සාමකාමීව භාවිත කිරීම” පිළිබඳව චීනය ඉදිරිපත් කළ යෝජනා කෙටුම්පත එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී වැඩි ඡන්දයෙන් සම්මත වේ.
79 වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ නිරායුධකරණ හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ කමිටුව ඊයේ (6) සිදු කළ ඡන්ද විමසීමේදී චීනය ඉදිරිපත් කළ මෙම යෝජනා කෙටුම්පතට අනුමැතිය හිමි ව තිබේ.
“ජාත්‍යන්තර ආරක්ෂක ක්ෂේත්‍රය තුළ සාමකාමී භාවිතයේ ජගත් සහයෝගීතා ප්‍රවර්ධනය කිරීම” යන මෙම යෝජනා කෙටුම්පත 2021 වසරෙන් පසු එම නමින්ම සම්මත වූ තෙවන අවස්ථාව මෙයයි.
තාක්ෂණය සාමකාමීව භාවිත කිරීමේ උපදෙස් හා මූලධර්ම සකස් කරන ලෙසට එම යෝජනා කෙටුම්පත එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වලින් ඉල්ලා සිටී. චීන නිරායුධකරණ කටයුතු පිළිබඳ නියෝජිත Shen Jian මහතා ප්‍රකාශ කළේ ඒ ඒ රටවල් අපනයන සීමා කිරීමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී අහේතුක බාධා ඇති කිරීම වැළැක්විය යුතු බවයි. ඇතැම් සෙසු රටවල් එබඳු බාධා යොදා ගනිමින් සිය භූ දේශපාලන අරමුණු සහ තාක්ෂණ හා වෙළඳ අධිපතිවාදය ඉටු කර ගැනීමට උත්සාහ දරන බව ද හෙතෙම විග්‍රහ කර ඇත.
මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ද අදහස් පළ කර ඇත. එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අදාළ යෝජනා කෙටුම්පත අනුමත කිරීම චීනය පිළිගන්නා බව ඇය සඳහන් කළාය. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම ගෝලීය ආරක්ෂක මුලපිරුමේ වැදගත් සහයෝගිතා දිශාවක් ලෙස චීනය සලකන බව ද ඇය පැවසුවාය. විද්‍යා තාක්ෂණ සංවර්ධන ජයග්‍රහණ සමස්ත මානවයන්ගේ සාමය හා සංවර්ධන මෙහෙයුමට යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා, ඒ ඒ පාර්ශ්වයන් සමග එක්ව එම යෝජනාව පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි