කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ සිය නිවෙස තුළ සැක කටයුතු අන්දමින් පියකු සහ දියණියකට මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය පවසයි .
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර හීනටියන්ගල සිසිල් උයන ග්‍රීන් ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචිව සිටී 69 හැවිරිදි සමරසිංහගේ සුනිල් ජයසිංහ යන අය සහ ඔහුගේ දියණිය වන 33 හැවිරිදි සමරසිංහගේ සචිත්‍ර හංසමාලී ජයසිංහ නැමැති අවිවාගක තරුණියක බව පොලිසිය සදහන් කරයි .
එම නිවසේ මාපියන් සහ දියණිය පදිංචිව සිට ඇති අතර, පියා පුටුවක් මත සහ දියණිය සාලයේ බිම මියගොස් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මළසිරුරු කළුතර දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යන ලදී .
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට