මාස 18 කට පසු රටවල් 60කට අධික සංඛ්‍යාවකට සිය රටෙහි සංචාරය කිරීම සඳහා අද සිට අවසර ලබා දීමට තායිලන්තය තීරණය කළා.
පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට මෙලෙස පැමිණීමට අවසර හිමිවන අතර ඒ අනුව අදාල කොන්දේසි සපුරණ ලද විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මේ වනවිට බැංකොක් නුවරට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මේ අතර පූර්ණ එන්නත්කරණයට ලක්වූ සිංගප්පූරු ජාතිකයන්ට ලබන 21 වනදා සිට සිඩ්නි හෝ මෙල්බර්න් නගර වෙත පමණක් ඇතුලුවීමට අවසර ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.
2019 වසරේ මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීමෙන් පසු ඕස්ට්‍රේලියාව පැමිණීමට අවසර හිමිවන දෙවන රට වන්නේ සිංගප්පූරුවයි.
මෙතෙක් එම අවසරය පැවතුණේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ නවසීලන්ත ජාතිකයන් සදහා පමණයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්