චීන මහජන විමුක්ති හමුදාව විශේෂ හමුදා පුහුණු මෙහෙයුමක් අරඹයි
එය ඊයෙර් (4) දහවල් 12ට ඇරඹිණ. ඊයේ බෙයිජිං වේලාවෙන් දහවල් 12 සිට 7 වනදා දහවල් 12 දක්වා එම හමුදා පුහුණු මෙහෙයුම් සිදු කෙරේ. සජීවී උණ්ඩ ද ඊට යොදා ගැනේ. සැබෑ සටන් පුහුණුව සඳහා වන මෙම මෙහෙයුම චීනයේ තායිවාන දූපත වටා ප්‍රදේශ හයක් තුළ සිදු කෙරේ. එම කාල සීමාව තුළ නෞකා සහ ගුවන් යානා අදාළ මුහුදු හා ගුවන් සීමාවන්ට ඇතුළු වීම තහනම් කර ඇත.
ඊයේ (4) පෙරවරු 13ට පමණ චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුධ කලාප විධානයේ යුධ ඒකක විසින් තායිවාන් සමුද්‍ර සන්ධියේ දිගු දුර සජීවී වෙඩි තැබීමේ පුහුණුවක් පවත්වමින්, තායිවාන සමුද්‍ර සන්ධියේ නැගෙනහිර කොටසේ නිශ්චිත ප්‍රදේශවලට නිරවද්‍ය ලෙස ප්‍රහාර එල්ල කරන ලදි. එම සජීවී වෙඩි තැබීමේ පුහුණුව අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගෙන තිබේ
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි