තායිවාන ප්‍රදේශයේ ඊනියා නායකත්වය භාරගැනීමෙන් පසු පැවැත්වූ දේශනයේ දී Lai Ching-te ‘තායිවාන ස්වාධීනත්වය’ පිළිබඳ අන්තවාදී මතයක් පළ කර ඇතැයි චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු ඊයේ (22) මේ බව පැවසුවේ, ඒ පිළිබඳව මාධ්‍ය වෙතින් නැගුණු විමසුමකට ප්‍රතිචාර දක්වමිනි. “තායිවාන ස්වාධීනත්වය” පිළිබඳව තම මතය ප්‍රකාශ කරමින් Lai Ching-te කළ කතාව එදිරිවාදීකමින් සහ ප්‍රකෝපකාරීත්වයෙන් මෙන්ම බොරුවෙන් සහ රැවටීමෙන් පිරී ඇතැයි ද හෙතෙම කියාසිටියේය.
Lai Ching-te තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිත සබඳතා පිළිබඳ මූලික ප්‍රශ්නය විසඳීමට අසමත් වූවා පමණක් නොව, ඔහු එකම චීනය මූලධර්මයට බරපතල ලෙස අභියෝග කරමින්, පවතින සබඳතාවල ස්වභාවය වෙනස් කිරීමට ද උත්සාහ කළ බව Chen Binhua මහතා පෙන්වාදෙයි.
තායිවාන ප්‍රදේශය යනු චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත්, එහි අනාගතය තීරණය කළ හැක්කේ එහි සිටින රටවැසියන් ද ඇතුළුව බිලියන 1.4 කට වැඩි චීන ජනතාවට පමණක් බව Lai Ching-te ට මතක් කර දිය යුතුව ඇතැයි ද ඔහු පැවසීය.
‘චීන විරෝධී’ හැඟීම් අවුස්සමින් බලහත්කාර ‘ස්වාධීනත්වයක්’ පසුපස දුවන Lai Ching-te ගේ උත්සාහය තායිවාන ප්‍රදේශය භයානක සන්නද්ධ ගැටුමක් දක්වා තල්ලු කරනු ඇතැයි ද Chen Binhua මහතා ප්‍රකාශ කළේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි