පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යවරු සිව් දෙනෙකු පත්කර තිබෙනවා.
විදේශ කටයුතු සහ මුදල් කටයුතු අමාත්‍ය ධුර සහ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සභානායකවරයෙක් සහ ප්‍රධාන සංවිධායකවරයෙක් පත් කරගැනීමට අවශ්‍ය වීම හේතුවෙනුයි මෙලෙස ඇමතිවරුන් පත්කර ඇත්තේ.
රටේ පවතින ජාතික අභියෝගය විසඳාගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
එම පක්ෂ සමග සාකච්ඡා කර ඉදිරියේදී ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්