මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ජූලි 14, 15, 16 සහ 17 යන දිනයන්හි සිදු කිරීමට නියමිතයි. ජූලි මස 20 සහ 21 යන දින දෙක අතිරේක දින ලෙස නම් කළ බවයි මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙන්නේ.
තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරීම අනිද්දා සිදු කිරීමට නියමිතයි. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාර දීම ලබන තිස් වනදා, ජූලි මස පළමුවනදා සහ දෙවනදා සිදුකරනු ලබයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය සේවකයන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 16 සහ 17 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි. සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ ලබන මස 14 සහ 15 යන දිනයන්හිදීයි.
මෙම දිනවල තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකිවන අයට ලබන මස 20 සහ 21 යන දිනවල තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කළ හැකියි. මේ අතර මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාර දීම ලබන මස 11, 12 සහ 13 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන මස 29 වනදායින් අවසන් වනවා. එදිනෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට 2019 ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගත හැකි බවයි මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්