මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් 47,000 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නියමිත ආකාරයට සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් අයදුම්පත් 47,952 ක් ප්‍රතික්ෂේප කිරීමට සිදුවු බවයි.
මෙවර මහ මැතිවරණය සඳහා රාජ්‍ය සේවකයින් 753,037 දෙනෙකු තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අයදුම් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා ජුලි 14, 15, 16 සහ 17 යන දින ප්‍රකාශයට පත් කර ඇති අතර එම දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින් සඳහා ජූලි මස 20 සහ 21 යන දිනවලදී ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්