මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ කෙරෙනවා. ලබන පළමු වනදා සහ හතරවනදාත් ඊට අවස්ථාව ලබාදී ඇති අතර විශේෂ දිනයන් ලෙස 7 සහ 8 නම් කර තිබෙනවා.
මේ අතර මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ලබාදී ඇති උපදෙස්වලට අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල , මැතිවරණ කොමිෂන් සභා කාර්යාල , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, පොලිස් අධිකාරි ,සහකාර පොලිස් අධිකාරි කාර්යාල , පොලිස් ස්ථාන සහ විශේෂ කාර්ය බලකාය , විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවල කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්ත සිවිල් කාර්ය මණ්ඩලවලට අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කළ හැකියි.
ඡන්දය භාවිත කිරීමට සිය අනන්‍යතාව තහවුරු කළ යුතු වනවා.ඒ සඳහා ජාතික හැදුනුම්පත , වලංගු රියදුරු බලපත්‍රය ,විදේශ ගමන් බලපත්‍රය , මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ තාවකාලික හැදුනුම්පත සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ තහවුරු කිරිමේ ලිපිය ඉදිරිපත් කළ හැකියි.
මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම දිවයින පුරා සිදුකෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.තැපැල් ඡන්ද මධ්‍යස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්