ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මැදපෙළ පිතිකරුවෙක් වන තිලාන් සමරවීර ව තම පුහුණුකරුවෙක් ලෙස පත්කර ගැනීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
එම කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ සහ පාකිස්තාන සංචාර සඳහා සමරවීරගේ සේවය ලබා ගැනීමට ඔවුන් තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 81ක් ක්‍රීඩාකර ඇති 44 හැවිරිදි තිලාන් සමරවීර මෙරටින් බිහිවූ සාර්ථකම ටෙස්ට් පිතිකරුවෙක් ලෙස සැලකේ.
ඔහු ටෙස්ට් ශතක 14ක් ද සමගින් ලකුණු 5,462ක් රැස්කර තිබේ. මිට පෙරද ඔහු බංග්ලාදේශ හා ශ්‍රි ලංකා කණ්ඩායමෙද පිතිකරණ පුහුණුකරු ලෙස ක්‍රියාකර තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි