පී.සී.ආර්. පරීක්ෂණ වැඩි නොකළොත් රටේ තත්ත්වය භයානක විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ සෙ$ඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන පී.සී.ආර්. තවදුරටත් වැඩි කළ යුතු බවයි.
එසේ නොවුනහොත් තත්ත්වය භයානක විය හැකි බව ඒ මහතා සදහන් කළේ.
වෛද්‍ය හරිත අළුත්ගේ මහතා මේ බව සදහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස පැවසීය…
මේ මොහොතේ තත්ත්වය අපි තේරුම් ගන්න අවශ්‍යයි. මේ මොහොතේ ගත යුතු තීන්දු තීරණ ප්‍රමාද නොකර අරගන්න අවශ්‍යයි. එහෙම වුනොත් තමයි අපිට අනාගතය සුබදායි කරගන්න පුළුවන් වෙන්නේ.
ඊයේ (14) දිනයේ ජනාධිපතිතුමා සමග පැවැත් වුන සාකච්ඡාව ඉතාමත් තීරණාත්මක වුණා.
සාකච්ඡාවේදි ජනාධිපතිතුමා නිලධාරීන්ට පණිවුඩ ගණනාවක් දුන් අතර , නියෝග ගණනාවක් ද ලබාදුන්නා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්