ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි.
ඊයේ (28) පැවති දෙවන තරගය ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය ජය ගැනීමට අවස්ථාව හිමි වී තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ දිනයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ආබාධයකට ලක්ව තිබෙනවා. එම නිසා ඔහු අද පැවැත්වෙන තරඟයට ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.
ඉසුරු උදානගේ ස්ථානයට බොහෝ විට ධනංජය ලක්ෂාන් හෝ ඉෂාන් ජයරත්න ක්‍රීඩා කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි