තුන්වැනි ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදයේ උපකාරක ක්‍රියාකාරකම් පැවැත්වේ.
අදාළ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්, සුප්‍රසිද්ධ විශේෂඥයින් හා විද්වතුන්, ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල නියෝජිතයන්, අන්තර්ජාතික ව්‍යවසායන්හි ප්‍රධානීන් සහ චීනයේ රටවල් රැසක තානාපතිවරුන් ඇතුළු චීන හා විදේශීය නියෝජිතවරු බෙයිජිං අගනුවරට රැස් වී එම ක්‍රියාකාරකම්වලට සහභාගි වී සිටිති.
ඔවුන් තහනම් මාලිගාව, ටොංෂෝ දිස්ත්‍රික්කයේ පිහිටි ග්‍රෑන්ඩ් ඇළ සංස්කෘතික සංචාරක ස්ථානය සහ බෙයිජිං නාගරික පුස්තකාලය යනාදී ස්ථාන නරඹමින් එම නගරයේ ඉතිහාසය හා නූතනත්වයේ සම්මිශ්‍රණයේ අද්විතීය චමත්කාරය අත්විඳ තිබේ.
මෙවර ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය, සංවාද හා හුවමාරු සඳහා වන සහභාගීත්ව හා විවෘත වේදිකාවක් පිහිටුවා ඇති බවත් මෙම චාරිකාවෙන්, චීන මාදිලියේ නවීකරණයේ චමත්කාරය වඩා පැහැදිලිව අවබෝධ කර ගත් බවත් එම ක්‍රියාකාරකම්වලට සහභාගි වූවන් පවසා ඇත.
පසුගිය 29වැනිදා ආරම්භ වූ ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන ලදී. එය පුළුල් බලපෑමක් සහිත ජාත්‍යන්තර මාධ්‍ය හුවමාරු වේදිකාවකි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්