මතුගම අයිඕසී පිරවුම්හලේ ඉන්ධන බෙදාදීමේදී ඇතිවූ නොසන්සුන් තාවයක් හේතුවෙන් පුද්ගලයකු ගේ පහරකෑමට ලක්වූ අපරාධ අංශ ස්ථානාධිපති තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මතුගම පොලිසිය පවසයි .
පහරකෑමට ලක්වූ පොලිස් නිළධාරියා හිසට සිදුවූ තුවාල හේතුවෙන් මතුගම රෝහලට ඇතුලත් කර ඇති අතර, පහර දීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ලීයකින් පහරදෙන්නට ඇති බවට සැකපලකරන බව පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය .
ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යුද හමුදා 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබළුන් යොදා පාලනය කොට ඉන්ධන බෙදාහැරීම සිදුකර තිබේ .
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ