තෙල් මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් නොවන අතර ඒ සඳහා වෙනම ඇමතිවරු මෙන්ම ආණ්ඩුවද සිටින අතර යම් කිසි අයෙක් බැසිල් රාජපක්ෂ මහතාගෙන් උපදෙසක් පැතුවොත් ඒ සඳහා ඔහු සහය වනු ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
”බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ හොඳ සංවිධායකයෙක්. 2005 අපි ආණ්ඩුව ගත්ත වෙලාවේ ඉඳන් සියලු මැතිවරණ ජයග්‍රහණ වලට එතුමා නායකත්වය දුන්න. 2015 මහින්ද මහත්තය පැරදුන වෙලාවෙත් වගකීම භාර ගත්තේ එතුමා. හැබැයි එතුමා නැවත ලංකාවට ඇවිල්ල ආණ්ඩුවක් පිහිටුවන්න සංවිධාන ශක්තිය දුන්න. පසුගිය දිනවල එතුමා පෞද්ගලික කාරණාවලට රටින් බැහැරව හිටියා. එතුමා නැවත ලංකාවට ඇවිල්ල තියෙනවා. එතුමා ආපු එක ගැන සතුටු වෙනවා. මොකද මේ වෙන සමහර දේවල් වලදී එතුමාගේ සංවිධාන ශක්තිය අවශ්‍ය වෙනවා. තෙල් මිලට වෙනම ඇමැතිවරු ඉන්නවා ආණ්ඩුවක් තියෙනවා. එතුමා ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්වත් ඇමතිකෙනෙක්වත් නෙවෙයි. නමුත් එතුමාගෙන් උපදෙසක් ඉල්ලුවොත් ඒ සඳහා එතුමා ඉදිරිපත් වෙයි.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
එමෙන්ම කොරෝනා කියන කාරණයේදී එය දේශපාලන පක්ෂයක හෝ ආණ්ඩුවක වගකීමක්ම නොවන අතර එය ලෝකයටම බලපා ඇති දෙයක් වන හෙයින් සංචරණ සිමා ලිහිල් කළ විට තම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට ජනතාවටද වගකීමක් ඇති බවයි එහිදී අමාත්‍යවරයා කියාසිටියේ.
- Lanka News Web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්