හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ විසින් අද (02) දිනයේ වරෙන්තු නිකුත් කර තිබෙනවා.
2018 වසරේදී ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ දී ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කර ඇත.
නඩුවට අදාළ සාක්ෂි ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අද (02) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු උවත්,පෙනී සිටියේ නැත.
මේ නිසා වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂි විමසීම සඳහා දෙසැම්බර් 18 වන දා යළි නඩුව කැඳවීමට තීරණය කර ඇත.
වෙඩි තැබීමට සැකපිට එවකට ඛණිජ තෙල් අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඔහුව ඇප මත මුදාහැරුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්