නිළධාරින් යුදබිමේදි වෙනත් ක්රියාවන්වලදි දක්වන දක්ෂකම්/ ක්‍රියාවන් (Performance) සහ උසස් කිරීමේ හා වෘතියට අදාල වෙනත් විභාග/පාඨමාලා වලදි (exam/courses) ලබන උසස් ප්‍රථිපල පදනම් කරගනිමින් ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සකසන හා උසස් වගකිවයුතු තනතුරු වලට තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයක් බොහෝ රටවල ( ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ යම් මට්ටමකට ඇත) ක්‍රියාත්මක වේ. එහෙත් යුද හමුදාවේ එවැනි ක්‍රමවේදයක් අනුගමනය නොකර යුද හමුදාවට බදවාගත් ජ්‍යෙෂ්ඨත්වය මත (බදවාගත් දිනය Enlisted date) හා කෙඩෙට් නිළධාරි පාඨමාලාවේ අවසනදි ලබාදෙන ජ්‍යෙෂ්ඨත්වය (Intake/batch seniority) පමනක් පදනම් කරගනිමින් විශ්‍රාම යනතෙක්ම නිළධාරින්ගේ ජ්‍යෙෂ්ඨත්වය සකසන ක්‍රමවේදයක් අනුගමනය කරන ලදී. එහි අයහපත් ප්‍රථිපල රාශියක් ඇත. දක්ෂයන් පසෙකටලා ජ්‍යෙෂ්ඨත්වය මත අදක්ෂයන් ඉහල නිළවලට හා උසස් තනතුරු වලට පත්වීම මගින් යුද හමුදාවේ කාර්්යක්ෂමතාව (Efficiency) හා විවිධ කටයුතු නිමාවේදි ලැබෙන ප්‍රථිපල (output) සදහා මහත් අයහපත් බලපෑම් හා ව්‍යසනයන් (disaster) සිදුවූබවට බොහෝ සාක්ෂි අතීතයේ ඇත. ජ්‍යෙෂ්ඨත්වය මත උසස්වීම් හා තනතුරු ලැබෙන නිසා වගකීම් කරට නොගෙන ඇග බේරාගෙන කටයුතු කිරීමේ න්‍යායන් අනුගමනය කල නිළධාරින් ගනනාවක් උසස් නිලවලට හා ඉහල තනතුරුවලට පත්වීමෙන් කණිෂ්ඨ නිළධාරින් අභිප්‍රේරණය (motivate) නොවී අධෛ්යර්යට (demoralize) පත්වූ අවස්ථාද ඇත. අදක්ෂ නිළධාරින් උසස් නිලවලට හා ඉහල තනතුරුවලට පත්වු පසු ඔවුන්ගේ ක්‍රියාකලාපයන් කණිෂ්ඨ නිළධාරින්ගේ දැඩි විවේචනයට හා සමච්චලයට පත්වු බවටද නිදසුන් බොහොමයක් ඇත.
අවසන් යුද්ධයේ අණදීමට නිළධාරින් තෝරාගැනීමේදි මේජර් ජෙනරාල්වරු හා ජ්‍යෙෂ්ඨ බි‍්‍රගේඩියර්වරුන් ගනනාවක් සිටියදී එවකට කණිෂ්ඨ බි්රගේඩියර්වරුන්වූ කමල් ගූණරත්න, ප්‍රසන්න සිල්වා හා ශවේන්ද්‍ර සිල්වා යන්නවුන් සේනාංකාධිපතිවරු ලෙසද, දක්ෂ නිළධාරින් බලසේනාධිපතිවරුන් හා ඒකක අණදෙන නිළධාරින් ලෙස තෝරාගැනිමේ ප්‍රථිපල යුද්ධය කෙටිකලකින් සාර්ථකව නිම කිරීමෙන් පැහැදිලිවිය. එම සේනාංකාධිපතිවරුන් තාවකාලික මේජර් ජෙනරාල්වරු (Temporary Major General) ලෙස උසස්කලද එම උසස්වීම් තාවකාලික පත්වීම්වු බැවින් පසුව එම නිළධාරින්ට ලබාදුන් ජ්‍යෙෂ්ඨත්වය අහිමිකරමින් නැවතත් හමුදාවට බදවාගත් දිනය හා පාඨමාළාවේ ජ්‍යෙෂ්ඨත්වය මත නිළධාරින්ගේ ජ්‍යෙෂ්ඨත්වය සකසනලදී. එමගින් නැවතත් අදක්ෂ නිළධාරින් කිහිපදෙනෙකු උසස් නිලවලට හා ඉහල තනතුරුවලට පත්වීමෙන් හමුදාවට අයහපත් ප්‍රථිපල රාශියක් ලැබුන බවක් දක්නට ලැබුනි.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි (Chief of staff ) විශ්‍රාමයාමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරවීමේදි ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලම සිටි පාබල හා ආධාරක සේනාවල (Infantry & support arms ) නිළධාරින් අතරින්, සුදුසු අයෙක් තෝරා හමුදාපතිගේ නිර්දේශය ආරක්ෂක ලේකම්වෙතද, ආරක්ෂක ලේකම්ගේ නිර්දේශය ජනාධිපති ලේකම් කාර්්‍යාලය වෙතද යවා ජනපතිගේ අනුමැතිය ලබාගෙන අදාල පත්කිරීම සිදුකිරීම කරන ලදී. ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින්ම සිටින ලද මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ ( කෙටිකාලින පාඨමාලා අංක 11- කාලතුවක්කු හමුදාව- වත්මන් ස්වේච්ඡා බලකාධිපති) මේජර් ජෙනරාල් සේන වඩුගේ (කොතලාවල පාඨමාලා අංක 4 – ගැමුණු හේවා බලකාය වත්මන් හමුදා පුහුණු ආඥාපති ) මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා (පාඨමාලා අංක 24 – ගැමුණු හේවා බලකාය වත්මන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති ) අතුරින් ජ්‍යෙෂ්ඨත්වය (seniority) පමනක් පදනම් කර නොගෙන දක්ෂකම්/ ක්‍රියාවන්ද (Performance) ඇගයීමකට (evaluate) ලක්කර ගනිමින් මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි (Chief of staff ) තනතුරට පත්කරන ලදී.
7 වන ගැමුණුහේවා බලඇණියේ අණදෙන නිළධාරි වශයෙන් තොප්පිගල මුදාගැනීමේ මෙහෙයුමේ විශාල කාර්්‍යභාරයක් ඉටුකරන ලදී. වන්නි මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදි 593 හා 631 බලසේනාධිපති ලෙස මාන්කුලම් නගරය, ඕලුමඩු නගරය, අම්පකාමම් සිට උදයකට්ටුකුලම් දක්වා ප්‍රදේශයේ සතුරු බලකොටු විනාශ කිරීමේ වගකීම මැනවින් ඉටුකරන ලදී. පසුව 59 හා 51 සේනාංකවල සේනාංකාධිපති ලෙසද වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙසද කටයුතු කල ඔහු අවසානයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරන ලදී. යුද හමුදාපතිගේ උපදෙස් පරිදි යාපනයේ කොවිඩ් හා ඩෙංගු පැතිරීම වැලැක්වීම සදහා රජයේ හා පෞද්ගලික ආයතන සමග සම්භන්ධතාවයෙන් විශේෂ කාර්්‍යභාරයක් සිදුකිරීම නිසා විශාල ප්‍රගතියක් ලබාගැනිමට හැකිවිය. කෘෂි ආර්ථිකය නංවාලීම පිනිස කෙටිකාලින හා දිගුකාලින වැඩපිලිවෙලවල් සැළසුම් කර හමුදා කදවුරුතුල මහාපරිමාන මිරිස් වගාවක්ද ආරම්භකර ඇත. අඩු ආදායම් පවුල් සදහා වියළි ආහාරමළු බෙදාදීම, ගැබිණි මව්වරුන්ට පෝෂණමළු ලබාදීම හා පාසැල් දරුවන් සදහා පොත්පත් ලබාදීම වැනි සත්කාරයන්ද ඉටුකර ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනා ගැනීමට සමත්වී ඇත.
යුදහමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය මත පමනක් උසස්වීම් හා තනතුරු ලබාදෙන ක්‍රමවේදය වෙනුවට එම නිළධාරින් යුද හමුදාවට හා රටට සිදුකර ඇති සේවයද (service rendered to the organization & the country) ඔවුන්ගේ දක්ෂකම් (Talents), නිපුනතාවය/කාර්්යක්ෂමතාවන් (efficiency) , වගකීම් දැරීමේ හැකියාවන්(ability to hold responsibility) , රාජකාරියට ඇති කැපවීම (Dedication) කාර්ය සාධනය (Performance) හා ආකල්ප (Attitudes) පිලිබද නිවරදි අධ්‍යනයක් (proper study) කර හා ඇගයීමකට (evaluate) ලක්කර, වැඩිම සුදුසුකම් ඇති නිළධාරින් තෝරා නිළ උසස්වීම් හා උසස් තනතුරු ලබාදීමේදි ඔවුන්ට ප්රමුඛත්වයක් ලබාදීම සිදුකල යුතුය. එමගින් නිළධාරින් අභිප්රේරණයවී (motivate) තම දක්ෂතා හා හැකියාවන් පෙන්වා වගකීමකින් යුතුව රාජකාරි ඉටුකර යුද හමුදාවේ කාර්්යක්ෂමතාව (Efficiency) ඉහල යාම ඉබේම සිදුවනු ඇත
මෙවර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට (Chief of staff ) සුදුසු නිළධාරියකු තේරීමේදී ජ්‍යෙෂ්ඨත්වය (seniority) පමනක් පදනම් කර නොගෙන, එම සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව සුදුසුකම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිළධාරින් පිලිබද නිසි ඇගයීමක් (proper evaluation) කර, වඩාත්ම සුදුසුකම් ඇති නිළධාරියා පත්කිරීමට කටයුතු කිරීම ගැන වත්මන් හමුදාපතිට සේවයේ නියුතු හමුදා නිළධාරින්ගේ ප්‍රසාදය හිමිවී ඇති බවට තොරතුරු ලැබී ඇත. මේ පිලිබදව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරින් කිහිපදෙනෙකුගෙන විමසූ අතර මෙය ඉතාමත් ඵලදායි ක්‍රමවේදයක් බවත් එමගින් නිළධාරින් අභිප්රේරණයවී (motivate) කටයුතු කිරීම තුලින් ඵලදායි දායකත්වයක් ලැබී හමුදාවේ ප්‍රතිරූපය ඉබේම ඉහල නැංවෙන බව පැවසූහ. තවද මෙය බොහෝ කලකට පෙර ආරම්භ කල යුතුව තිබූ දෙයක් බවත්, වත්මන් හමුදාපති එය ක්‍රියාවට නැංවීම ඉහලින්ම අගයකල යුතු බවත්, මෙම ක්‍රමවේදය නොකඩවා පවත්වාගත යුතු බවත් පෙන්වා දෙන ලදී.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ