අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය 21-12-2021 වන අද දින කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .
මෙම සමාරම්භක උත්සව අවස්ථාවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් , මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ .
නේෂන් ට්‍රස්ට් බැංකුව මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ඇතිකරගත් සම්බන්ධතාවය මත අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල අතින් මුදල් ගෙවීම ( Manual Toll Collection MTC) වෙනුවට මෙම Lanka QR ජංගම ගෙවීමේ යෙදුම භාවිතා කළ හැකිය. මෙහිදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් Frimi හරහා ශ්‍රී ලංකා මහ බැංකුව , Lanka QR සහ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ කෙරේ. දැනට මෙම Lanka QR ජංගම ගෙවීමේ යෙදුම දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් භාවිතා කරන අතර එය ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල භාවිතයට ගැනේ .
Lanka QR සක්‍රීය App සහිත ඕනෑම අයෙකුට භෞතික මුදල් රහිතව මෙම ජංගම යෙදුම භාවිතා කර තමන්ගේ අධිවේගී මාර්ග ගාස්තුව ගෙවිය හැකිය. එහිදී ඔවුනට අවශ්‍ය වන්නේ ගමන ආරම්භයේ දී ලැබෙන ටිකට් පත ගමනාන්තයේ ඇති පිටවීමේ දොරටුවට ඉදිරිපත් කර , ගෙවීම් කටයුතු සඳහා ඇති Lanka QR කේතය පරිලෝකනය ( Scan ) කිරීම පමණි.
මෙම Lanka QR ජංගම යෙදුම භාවිතා කිරීම මඟින් මුදල් භාවිතය අවම වීම , මුදල් මඟින් කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම , සමාජය ඩිජිටල්කරණ සඳහා යොමු වීම , අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල කාර්යාලීය වේලාවන් වලදී පවතින දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකිවීම යනාදි ප්රතිලාභ ලැබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්