දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් කිලෝමීටර් 17 කණුව ආසන්නයේදී අනතුරට ලක්ව තිබේ.

ලොරියේ පසුපස රෝදය ගැලවී යෑමෙන් අනතුර සිදුව ඇති අතර පසුව ලොරිය පෙරළී ගොස් ඇත.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇතිවුණි.

අධිවේගී පොලීසිය පැමිණ මේ වනවිට රථවාහන තදබදය අවම කිරීමට කටයුතු සිදුකරමින් පවතී.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com