ටමිම් ඉක්බාල්ගේ දීර්ඝ ඉනිමත් ටස්කින් අහමඩ්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් දකුණු අප්රිකාවට එරෙහිව වාර්තාගත එක්දින තරඟාවලි ජයග්රහණයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්රිකාවට පන්දුවාර 37 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහමඩ් ලකුණු 35කට කඩුලු 5ක් බිද හෙලුවා
එය වාර්තා පොත් අතරට එක්වුණේ විදේශීය වේග පන්දු යවන්නෙකු දකුණු අප්රිකාව තුළදී එක්දින තරගයකදී කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව ලෙසයි
පිළිතුරු ඉණිම ක්රීඩා කළ බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 3ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 156ක් ලබා තරගය කඩුලු 9කින් ජයග්රහණය කළා
තමින් ඉක්බාර් නොදැවී ලකුණු 87ක් රැස් කළා
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජයග්රහණය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව