ශ්රී ලංකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට දකුණු අප්රිකාව ඊයේ (12) සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ඔවුන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කරමින්. දකුණු අප්රිකාව සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුක් තුල සියල්ලන් දැවී ලකුණු 103ක් රැස් කළා.
ශ්රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 30ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 20ක් රැස්කළ අතර සෙසු කිසිඳු පිතිකරුවෙකුට සාර්ථක වීමට අවස්ථාව ලැබුණේ නැහැ. පන්දු යැවීමේදී ශම්සි කඩුලු 03ක් සහ ඒඩ්න් මාක්රම් කඩුලු 03ක් බිද දැමුවා. ඒ අනුව තරගය ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 104ක්.
ලකුණු 104ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි දකුණු අප්රිකානු කණ්ඩායම හොඳ ආරම්භයක් ලබාගත් අතර ඔවුන් පළමු කඩුල්ල සඳහා ලකුණු 62ක සබදතාවක් ගොඩ නැගුවා.
දකුණු අප්රිකානු කණ්ඩායමේ කුවින්ටන් ඩි කොක් දකුණු අප්රිකානු කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ගිය අතර ඔහු නොදැවී ලකුණු 58 ක් ලබා ගැනීමට සමත් වුණා. මෙම ජයග්රහණයත් සමඟ තරඟාවලියේ ජයත් 02 – 0ක් ලෙස දකුණු අප්රිකානු කණ්ඩායමට හිමි වනවා.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්