2019 සිට සිදුවි අක්‍රමිකතා හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙ සියලූම ක්‍රියාකාරකම් අත්හිටුවා තිබේ.එ අනුව දකුණු අප්‍රිකානු ක්‍රිඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව ලිපියක් මගින් දන්වා ඇත්තෙ ක්‍රිකට් ආයතනයෙ සියලූම ක්‍රියාකාරකම් තමන් අතට ගන්නා බවයි.
මාසයක කාලයක් සඳහා අත්හිටුවීම කරඇති අතර එහි හැසිරීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන බව නිලධාරීහු පැවසීය.පාලන ගැටළු සම්බන්ධයෙන් අනුග්‍රාහකයන්ගෙන් දැඩි විවේචනයට ලක්ව ඇති අතර, පසුගිය සතියේ පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම්වල ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් 30 දෙනෙකු සැප්තැම්බර් 5 වන දින පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙ වාර්ෂික මහා සභා රැස්වීම කල් දැමීම සම්බන්ධයෙන් මණ්ඩලය විවේචනය කරමින් දැඩි ලිපියක් අත්සන් කළහ.
*චානක අරවින්ද
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි