දකුණු අප්‍රිකාවේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තාවීම් අතර වයස අවුරුදු 5ට අඩු ළමුන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව රෝහල්වලට එම දරුවන් ආසාදිතයින් ලෙස වාර්තාවීම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප්‍රිකානු වෛද්‍ය විශේෂඥයින් සිය කණස්සල්ල පළ කර තිබේ.
ඊයේ (03) දිනයේ දී දකුණු අප්‍රිකාවෙන් කොවිඩ් ආසාදිතයින් 16,055ක් වාර්තා වී ඇති අතර මරණ 25ක් සිදුව තිබේ.
මේ අතර නව කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රෝන් වෛරසය සම්බන්ධයෙන් බියට පත් නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කෙසේවෙතත් එම වෛරසයට මුහුණදීම සඳහා ජනතාව සුදානම් විය යුතු බව එම සංවිධානයේ ඉහළ පෙළේ විද්‍යාඥවරියක වන සෞම්‍යා ස්වාමිනාදන් පෙන්වාදෙති.
මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් ලෝකයේ රටවල් 40කින් පමණ සොයාගෙන තිබේ.
එම වෛරසයේ ක්‍රියාකාරීත්වය මීට තිබු වෛරසවලට වඩා බෙහෙවින් වෙනස් බව ද සෞම්‍යා ස්වාමිනාදන් පෙන්වා දෙයි.
ඔමික්‍රෝන් වෛරස ආසාදිතයින් දකුණු අප්‍රිකානු රටවලින් පළමුවෙන් අනාවරණය වු අතර මේ වන විට එම රටවලින් පැමිණෙන පුද්ගලයින්ට සංචාරක තහනම්ද පැනවීමට අනෙකුත් රටවල් පියවර ගෙන ඇත.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ